Header Ads

හොං කොං sixes තරගාවලියේ මිහිරි මතක සටහන මෙන්න අපි 2007 cup ගත්තා හොදේ බලන්නකො විඩියොව

හොං කොං sixes තරගාවලියේ මිහිරි මතක සටහන මෙන්න අපි  2007 cup ගත්තා හොදේ  බලන්නකො විඩියොව

1992 දී ඇරඹුණු හොං කොං සය සාමාජික ජාත්‍යන්තර තරගාවලියේ වර්තමාන ශූරයා දකුණු අප්‍රිකාව යි. නව ශූරයකු බිහිකර ගැන්මේ 2017 තරගාවලිය මේ දින වල (ඔක් 28 29)පැවැත්වෙනවා.
අදින් අවුරුදු දහයකට පෙර අද වැනි දවසක- 2007 ඔක් 28 දා මේ ශූරතාව දිනාගත්තේ .ශ්‍රීලංකාව යි.
එවර පකිස්ථානය නවසීලන්තය එංගලන්තය වැනි රටවල් වෙන වෙනම තරග කළ අතර අනෙක් ප්‍රබල රටවල සුපිරි තරු එක්ව all stars නමින් සුවිශේෂ කංඩායමක් පිහිටුවා ගෙන තරග වැදුණා.
ෂේන් වෝන් , බ්‍රයන් ලාරා, හීත් ස්ට්‍රික්, අනිල් කුම්බ්ලේ , මැක්මිලන් , ජෝන්ස් සහිත 'සියලු තරු' පිල අවසාන වටයට තේරුණු අතර ඔවුන් හා තරගයට අවසාන වටය දක්වා පැමිණ තිබුණේ ඉන්දික ද සේරම්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කංඩායමයි.
තරග වැදුණු ශූරයන් අතර අප්‍රකට කණ්ඩායමක් ලෙස හඳුන්වා දී තුබූ ශ්‍රී ලංකා පිලට
W S ජයන්ත L H D. දිල්හාර K. වීරරත්න W J M R ඩයස් H GJ M කුලතුංග සහ ඉන්දික ද සේරම් අයත් වුණා.
අවසාන මහා තරගයේ දී ඕවර පහකින් යුත් ඉනිමෙහි ලකුණු 127/3 ක් ලබා ඕවරයකට 19.05 ක ලකුණු වේගයක් රඳවා ගැන්මට ඔවුන් සමත් වුණා .
all star පිලට ලබා ගත හැකිවූයේ විකට් දෙකකට ලකුණු 111 ක් පමණයි.
එදා ක්‍රිකට් ලොව මවිත කරමින් අපේ සිංහ පැටවුන් තරු පිල පරදා ලකුණු 16 ක ජයක් ලබා 2007 හොංකොං ශූරතාව හිමි කරගත්තා.

1993 SRILANKA VS PAKISTAN

No comments